‘තවත් වසර දොළහකට
මේ රට ජනපති රනිල්ටම භාර දෙන්න.
විදේශිකයෝත් රස්සා හොයන්
මෙහෙ එන තත්ත්වයක් උදා වේවි..!’
වජිර අබේවර්ධන.
රටේ පාලනය තවත් වසර දොළහක කාලයක් සදහා ජනපති රනිල්ටම භාර දෙන්නේ නම් මේ රට, රට හැර ගිය තරුණයන්ට නැවත දිවයිනට පැමිණෙන රටක් බවටත්, ඊටත් එහා ගොස් ලෝකයේ වෙසෙන රැකියා විරහිත තරුණයන් රැකියා සොයා එන රටක් බවටත් මේ රට පත් වනු ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වන 360 දේශපාලන වැඩසටහන හා එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසී ය.
එවැනි සුඛිතමුදිත තත්ත්වයක් උදාවීමට නම් බාධා කිරීමකින් තොරව ජනාධිපතිවරයාට පාලනය ගෙන යාමේ වටපිටාවක් නිර්මාණය කළ යුතුව ඇතැයි මන්ත්‍රී වරයා යෝජනා කරයි.