තවත් වැට් බදු වංචාවක්..! මේ සැරේ ගල් අගුරුවලින්…!

0
161

තවත් වැට් බදු වංචාවක්..!
මේ සැරේ
ගල්අගුරුවලින්…!

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය සදහා ගල් අගුරු තොග ආනයනය කිරීමේ දී, අදාල තොග නිසි පරිදි සටහන් නොකිරීම හරහා දැවැන්ත වැට් බදු වංචාවක් සිදුකර ඇති බව, රජයේ ගිනුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී හෙළි වී තිබේ.

එම කමිටුවේ සභාපති, ලසන්ත අලගියවන්න මහතා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ අරඹා ඇති බවයි.

2019, 2020 සහ 2021 යන වසරවලට අදාලව, රේගුවේ විගණන වාර්තා පරීක්ෂා කිරීමේ දී මෙම වැට් බදු වංචාව හෙළි වී ඇති බව පැවසේ.

අදාල වංචාව හේතුවෙන් ලැබි යුතුව තිබූ රුපියල් මිලියන 187 ක පමණ මුදලක් භාණ්ඩාගාරයට නොලැබී ගොස් ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + 7 =