තවත් සිරුරක්
ගාළුමුවදොර වෙරළ තීරයට
ගොඩගසයි.
වයස අවුරුදු හතලිහක පමණ පුද්ගලයෙකුගේ මෘත දේහයක් අද උදෑසන ගාළුමුවදොර වෙරළ තීරයේ ගොඩ ගසා තිබියදී හමු වී තිබේ.
මීට පෙර පසුගිය සිකුරාදා දිනයේදී ද මෙවැනිම සිදුවීමක් වාර්තා වී තිබුණි.
එදින වයස අවුරුදු 19 ක තරුණයෙකුගේ සිරුරක් ගාළුමුවදො වෙරළ තීරයට ගසාවිත් තිබුණු අතර, ඔහු කොට්ටාවේ පදිංචි කරුවෙකු බව හදුනා ගනු ලැබ තිබුණි.