“තවත් සේවා දිගු බෑ.
අළුත් පොලිස්පතිවරයෙක් පත්කරන්න..!”
ව්‍යවස්ථාදායක සභාව තදින් සිටියි.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දිය නොහැකි බවත්, වහාම පොලිස්පති ධූරය සදහා සුදුසු ජ්‍යේෂ්ඨයෙකු පත් කරන ලෙසත්, ව්‍යවස්ථාදායක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දිය නොහැකි බව දැනුම් දී තිබිය දී ත්, ජනාධිපතිවරයා තවත් සති තුනක කාලයකට ඔහුගේ සේවය දීර්ඝ කළේ ය.
පසුගිය අගහරුවාදා දිනයේ දී, කතානායක මහින්දයාපා අබේවර්ධනගේ සභාපතීත්වයෙන් යුතුව ව්‍යවස්ථාදායක සභාව රැස් වූ අවස්ථාවේ දී, සිවිල් සමාජය නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවේ අසුන් ගන්නා තිදෙනාම, අළුත් පොලිස්පතිවරයෙකු අවශ්‍ය බව දැඩිව ප්‍රකාශ කර තිබේ.
සී.ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගු ලබා දෙමින් තව දුරටත් ඔහු එම ධූරයේ තබා ගැනීමට කටයුතු කරනවා වෙනුවට, වහාම අළුත් පොලිස්පතිවරයෙකු පත් කිරීමට කටයුතු කරන ලෙස නැවත වරක් ජනාධිපතිගෙන් ඉල්ලා සිටීමට ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබේ.