‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ
රදවාගෙන සිටින සියළු දෙනාගේ තොරතුරු
ඔක්තෝබර් 28 ට පෙර ලබා දෙනු.’
තොරතුරු කොමිසම පොලිසියට නියෝග කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින සියල්ලන්ගේ තොරතුරු මේ මස 28 වන දාට පෙර ලබා දෙන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද කොමිෂන් සභාව පොලිසියට නියෝග කර තිබේ.
කොමිෂන් සභාවේ නියෝගයට අනුව අදාල තොරතුරු ලබා නොදෙන්නේ නම් තොරතුරු නිළධාරීන්ට සහ පොලිසියට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමට කටයුත-ු කරන බවද තොරතුරු කොමිෂන් සභාව අනතුරු හගවා තිබේ.
නීතීඥ මහත්මයෙක-ු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රදවාගෙන සිටින පුද්ගලයන් පිළිබදව තොරතුරු පොලිසියෙන් ඉල්ලා ඇති අතර පොලිසිය අදාල තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.
නීතීඥ මහතා එම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන්නේ එම තොරතුරු ලබා ගැනීම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔහුට හිමි අයිතියක් ලෙස සලකමිනි.