ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි අශීලාචාර නීති යොදා ගැනීම හේතුවෙන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සෝදාපාළූවට ලක්වනු ඇත.

0
562

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි
අශීලාචාර නීති යොදා ගැනීම හේතුවෙන්
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සෝදාපාළූවට ලක්වනු ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන ආකාරයේ නීති භාවිතා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සෝදාපාළුවට ලක්විය හැකි බව මෙරට ඇමරිකානු තානාපතිනිය පවසයි.

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව පවසා ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින අනූවක් රදවා තබා ගෙන විමර්ෂණ සිදුකිරීම සදහා ජනාධිපතිවරයා විසින් අදාල අංශවෙත අනුමැතිය ලබා දීමෙන් පසුවයි.

අදහස් ප්‍රකාශ කිරීම සදහා ජනතාවට ඇති අයිතිවාසිකම තහවුරු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද ඇමරිකානු තානාපතිනිය සිය ට්වීටර් පණිවිඩයෙන් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + nine =