‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කර තිබෙන රැදවුම් නියෝග අහෝසි කරන්න..!’ නීතීඥ සංගමය ජනපති රනිල්ගෙන් ඉල්ලයි.

0
273

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ
නිකුත් කර තිබෙන රැදවුම් නියෝග අහෝසි කරන්න..!
නීතීඥ සංගමය ජනපති රනිල්ගෙන් ඉල්ලයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙසත් දැනට නිකුත් කර තිබෙන රැදවුම් නියෝග වහා අහෝසි කරන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කරන්නේ රජයට එරෙහි උදඝෝෂණ සදහා සහභාගී වන පිරිස් අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීම සදහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විදි විධාන යොදා ගැනීම පිළිබදව සිය සංගමය දැඩි සේ කණස්සල්ල ප්‍රකාශ කරන බවයි.

යුරෝපා සංගමය විසින් ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබා දීමේ දී ද ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා වන ආකාරය පිළිබදව සැලකිලිමත් වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයට සිහිපත් කරයි.

එමෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයද මෙම පනත අවභාවිතා වන ආකාරය පිළිබදව දිගින් දිගටම සිය අවධානය යොමු කර තිබේ.

අනෙක් අතට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ ත්‍රස්තවාදය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද යන්න පිළිබදව පැහැදිලි නිර්වචනයක් නොමැති බවත් එවැනි තත්ත්වයක් තුළ ව්‍යවස්ථානුකූලව හිමිවන විවිධ අදහස් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විදින පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙම පනත අවභාවිතා කිරීමේ අවදානමක් ඇති බවද නීතීඥ සංගමය අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + 18 =