ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
වහාම අත්හිටුවන්න..!
යුරෝපා සංගමය ඉල්ලයි.
ජාත්‍යන්තර මානවහිමිකම් නීතීන්ට අනුකූලවන ආකාරයේ නව නීතියක් සකස්කරන තෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්හිටුවන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ ය.
යුරෝපා සංගම් නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකා රජය සාමකාමී උද්ඝෝෂකයන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම හෙළා දුටුවේ ය.
අද රැස් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිය 51 වන සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සබාගත කළ අතර ඒ සම්බන්ධයෙන් යුරෝපා සංගම් නියෝජිතයෝ මානවහිමිකම් මහකොමසාරිස්වරියට සිය ස්තුතිය පළකර සිටියේ ය.