ත්‍රස්තවිරෝධී පනතට සහ
සමාජ මාධ්‍ය පාලනය සදහා ගෙන එන
නව පනතට
බටහිර රටවල විරෝධය..!
ගැසට් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය පාලනය සදහා ගෙන එන බවට චෝදනා එල්ල වී තිබෙන මාර්ගගත ආරක්ෂක පනත් කෙටුම්පත සම්බන්ධයෙන්, බටහිර රටවල් සිය විරෝධය රජයට ප්‍රකාශ කිරීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
අදාල පනත් කෙටුම්පත් ඔවුන්ගේ නීති විශාරදයන් විසින් මේ වන විටත් විශ්ලේශනය කර ඇති බව පවසන ඩේලි මිරර් පුවත්පත, ඒ අනුව, අදාල පනත් සම්බන්ධයෙන් සිය විරෝධය එකී බටහිර රටවල් නුදුරේදීම රජයට ප්‍රකාශ කරනු ඇති බවද පවසයි.
නව ත්‍රස්තවිරෝධී පනත සම්බන්ධයෙන් එකී නීති විශාරදයන්ගේ මතය වී ඇත්තේ, එම පනතෙන් ත්‍රස්තවාදය යන්න නිශ්චිතව සදහන් කර නොමැති බවයි. එමෙන්ම, එම පනත් කෙටුම්පත ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ සම්මතයන් මත පිහිටා සකස් කර නැති බවටද ඔවුන් චෝදනා කරයි.
දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙන්ම, මෙම නව ත්‍රස්ත විරෝධී පනත යටතේ ද, අත්තනෝමතික රදවා තබා ගැනීම් වැලැක්වීම සදහා ප්‍රතිපාදන නැත.
දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයද ශ්‍රී ලංකා රජයට යෝජනා කර තිබේ. ඊට අමතරව, ජී.එස්.පී. ප්ලස් සහනය අඛණ්ඩව ලබා ගැනීමට නම්, පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කළ යුතු යැයි යුරෝපා සංගමයද රජයට යෝජනා කර තිබුණි.