“ත්‍රස්තවිරෝධී පනත සහ
සමාජ මාධ්‍ය පාලනයට ගෙන ආ නව පනත
වහා ඉවත්කර ගන්න..!”
නීතීඥ සංගමය රජයට කියයි.
පසුගිය දා ගැසට් කරන ලද නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගන්නා ලෙස, ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
මෙම පනත් කෙටුම්පත් දෙක, රටේ පොදු මහජනතාවගේ නිදහසට මෙන්ම, නීතියේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල ලෙස බලපාන බව නීතීඥ සංගමයේ ඒකමතික අදහස වී තිබේ.
මෙම පනත් කෙටුම්පත් දෙක රජය ඉදිරිපත් කර ඇත්තේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය හෝ අදාල පාර්ශ්ව කරුවන් සමග කිසිදු සාකච්ඡාවකින් තොරව බවද පැවසේ.