‘ත්‍රීපෝෂවල විෂ කතාව බොරු.’ කෙහෙළිය රඹුක්වැල්ල.

0
108

ත්‍රීපෝෂවල විෂ කතාව බොරු.
කෙහෙළිය රඹුක්වැල්ල.
ත්‍රීපෝෂවල විෂ කතාව ඇත්ත.
සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් පවසති.


ළදරුවන්ට සහ ගර්භණී මව්වරුන්ට ලබා දෙන ත්‍රීපෝෂවල ඇල්ෆාටොක්සීන් නම් පිළිකාරකාරක විෂ රසායනය අඩංගු බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ත්‍රීපෝෂවල ඇල්ෆා ටොක්සීන් අඩංගු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා උපුටා දක්වමින් ඊයේ වෙළද පොළට නිකුත්ව තිබුණු පුවත්පත් වාර්තා කර තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ දිනයේ දී උපුල් රෝහණ මහතාට එරෙහිවද දැඩි අදහස් දැක්වීමත් සිදු කළේ ය.

කෙසේ වෙතත් මව්වරුන්ට නිකුත් කර තිබෙන ත්‍රීපෝෂවල ඇල්ෆාටොක්සින් නමැති පිලිකාකාරකය සීමාව ඉක්මවා පවතින පවතින බව රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පැවසේ.

ත්‍රීපෝෂවල ඇල්ෆා ටොක්සීන් අඩංගු බව තහවුරු වීමෙන් පසුව එම ත්‍රීපෝෂ තොග ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර හා සුරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී යැයි අද වෙළදපොළට නිකුත්ව තිබෙන අරුණ පුවත්පත වාර්තා කරයි.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කය තුළ බෙදා හැර තිබෙන ත්‍රීපෝෂවල ඇල්ෆාටොක්සින් ප්‍රතිශතය සීමාව ඉක්මවා ගොස් ඇති බව තහවුරු වී ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ද පවසා තිබේ.

එමෙන්ම ත්‍රීපෝෂ සමාගම කොළඹ ගම්පහ පුත්තලම සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට බෙදා හැර ඇති ත්‍රීපෝෂ යළි ගෙන්වාගෙන ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + seventeen =