ත්‍රීරෝද රථ ගාස්තුව අඩු වේ.

0
195

ත්‍රීරෝද රථ ගාස්තුව අඩු වේ.


අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත දැමීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව ත්‍රීරෝද රථ ගාස්තුද පහත දැමීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව මගී ප්‍රවාහනයේ දී, පළමු කිලෝ මීටරය සදහා රුපියල් සියයකුත් ඉන් පසුව දෙවන කිලෝ මීටරයේ සිට රුපියල් අසූව බැගිනුත් අය කිරීමට තීරණය කළ බව සංගමය කියයි.

ඉන්ධන මිල පහත දැමූවද ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කර නැති බව පවසන සංගමය, ඉන්ධන කෝටාව වැඩි කරන්නේ නම් ත්‍රීරෝද ගාස්තුව තවත් අඩු කළ හැකි බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + eight =