තිරිගුපිටි නෑ.
පාන් ගෙඩියක් රුපියල් 330 ක් වේවි..!
බේකරි හිමියන්ගේ සංගමය කියයි.
නුදුරේදීම පාන් ගෙඩියක මිල රුපියල් 330 දක්වා ඉහල යාම වැළැක්විය නොහැකිවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා අනතුරු හගවා තිබේ.
ඊට හේතුව රට තුළ නිර්මාණය වී තිබෙන උග්‍ර තිරිගු පිටි හිගය බවද ඔහු පවසයි.
තිරිගු පිටි හිගය තිරිගු පිටි මාෆියාවක් නිර්මාණය කර තිබේ.
තොග මිල රුපියල් 13500 ක් වන කිලෝ ග්‍රෑම් පනහේ තිරිගු පිටි මිටියක් මේ වන විට කළු කඩයේ අලෙවි වන්නේ රුපියල් 20000 කට බව ඔහු පවසයි.
තිරිගු පිටි හිගය හේතුවෙන් රට පුරා බේකරි දෙදහස් පන්සියයක් පමණ වසා දමා ඇති බවද ඔහු පවසයි.