‘තිළිණිටත් අයිඩෙන්ටි දෙකයි.
පාස්පෝර්ට් දෙකයි.
වංචාව රුපියල් බිලියන 1.3 ක්.’
සී.අයි.ඩී ය අධිකරණයට දන්වයි.
දැනට සිදුකර තිබෙන විමර්ෂණ අනුව තිළිණි ප්‍රියමාලී විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති මුදල රුපියල් බිලියන 1.3 ක් බව වාර්තා වේ.
තිළිණී ප්‍රියමාලිගේ වංචාවන්ට හසු වූ නම දෙනෙකු මේ වන විට ඇයට එරෙහිව පැමිණිලි කර තිබේ.
තිළිණීගේ සහකරු බව සැලකෙන ඉසුරු බණ්ඩාර රුපියල් ලක්ෂ හතලිහක මුදලක් මාරු කර ඇමරිකානු ඩොලර් එක්ලක් විසි දහසක මුදලක් විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයකින් ලබාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
මේ අතර තිළිණී ප්‍රියමාලී සතුව ජාතික හැදුනුම්පත් දෙකක් සහ විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද තිළිණි ප්‍රියමාලී ඇතුළු සැකකරුවන් පිරිස නොවැම්බර් 30 දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස නියෝග කර තිබේ.