‘තිළිණි ප්‍රියමාලි සිද්ධිය.’ සී.අයි.ඩී ය ඥාණසාර හිමියන්ගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි.

0
185

තිළිණි ප්‍රියමාලි සිද්ධිය.
සී.අයි.ඩී ය ඥාණසාර හිමියන්ගෙන්
පැය තුනක් ප්‍රශ්න කරයි.


තිළිණි ප්‍රියමාලී නම් කාන්තාව විසින් සිදුකරන ලද බවට වාර්තා වන මහාපරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙන් අද දිනයේ දී පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

තිළිණී ප්‍රියමාලී හා සම්බන්ධ මෙම මහාපරිමාණ මූල්‍ය වංචාව පිළිබදව මේ වන විටත් පුද්ගලයන් රැසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.

ඒ පිරිස අතර සංගීතා වීරරත්න ජීවන් කුමාරණතුංග සහ ජීවන් කුමාරණතුංගයන්ගේ බිරිද ද වූ බව වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 9 =