තිළිණී ප්‍රියමාලී සිද්ධිය.
අන්තිමේ දී
ජානකි සිරිවර්ධනත්
අත්අඩංගුවට ගනී.
මහා පරිමාණ මූල්‍ය වංචාවක නිරතව ඇති බවට චෝදනා එල්ල වී දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිටින තිළිණී ප්‍රියමාලී නම් සැකකාරියගේ ව්‍යාපාරික හවුල්කාරියක බව කියන ජානකී සිරිවර්ධන නම් තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දිනයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
ජානකී සිරිවර්ධන ප්‍රබල දේශපාලන පවුලක් සමග සමීප සම්බන්ධතා ඇති කාන්තාවක් බවත් ඇය මේ දක්වා අත්අඩංගුවට නොගැනීම සැක සහිත බවත් තිළිණී ප්‍රියමාලිගෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.
ජානකී සිරිවර්ධන ක්‍රිෂ් ව්‍යාපෘතිය හා සම්බන්ධ දේශීය නියෝජිතවරියකි.