‘තිළිණී ළඟ ආයෝජනය කළ
දේශපාලනඥයන් ඇතුළුව
තවත් ජනප්‍රිය පුද්ගලයන් රැසක් සිටිති.’
සී.අයි.ඩීය අධිකරණයට කියයි.
තිළිණී ප්‍රියමාලී නම් තැනැත්තියට හසු වූවන් අතරදේශපාලනඥයන් සහ ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙකුම සිටින බවට හදුනාගෙන ඇතත් යම්කිසි හේතුවක් මත ඔවුන් ඒ පිළිබදව පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී ත් ඈ විසින් ජංගම දුරකථන කිහිපයක් භාවිතා කර තිබෙන බව පවසා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට ඇප ලබා ගැනීම සදහා ලක්ෂ තිහක මුදලක් අවශ්‍ය බව ඈ කිසියම් පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් දී දැනුම් දී ඇති බවද අධිකරණය හමුවේ හෙළි කර තිබේ.
තිළිණී වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් ඇප ඉල්ලා සිටියද අධිකරණය ඇයට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව නොවැම්බර් 2 වන දා දක්වා ඇය තවදුරටත් රක්ෂිතබන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
සී.අයි.ඩීය විසින් අධිකරණයට වාර්තා කර තිබෙන්නේ විවිධ වංචා සම්බන්ධයෙන් තිළිණී ප්‍රියමාලීට එරෙහිව නඩු හතක් දිවයිනේ විවිධ අධිකරණවල ඇසෙමින් පවතින බවයි.