තුර්කි භූ කම්පනයෙන්
ලාංකීය කාන්තාවක් ද මිය යයි.
තුර්කියට සහ සිරියාවට බලපෑ මාරාන්තික භූමි කම්පාව හේතුවෙන් තුර්කියේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක්ද මියගොස් ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ 69 හැවිරිදි තැනැත්තියකි.
ඈ මීට වසර විස්සකට පමණ පෙර තුර්කියේ පදිංචිය සදහා ගොස් තිබුණු තැනැත්තියකි.
භූමිකම්පාවෙන් පසුව තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ එක් ශ්‍රී ලාංකිකයෙකු පිළිබදව වාර්තා වූ අතර ඒ මෙම කාන්තාව යි.
තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම මරණය තහවුරු කර තිබේ.