‘තෙවන වරටත්
ජනපති ධූරයට පත්වන
සී ජින්පින්ග්ට
මහින්දගෙන් සුබ පැතුම්..!’
චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය සදහා සී.ජින්පින්ග් මහතා යළිත් තේරී පත්ව තිබේ.
චීනය පාලනය කරනු ලබන්නේ කොමියුනිස්ට් පක්ෂයයි. පක්ෂ මහලේකම් කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වන අතර ඔහු රටේද නායකයා වෙයි. ඒ අනුව චීන ජනාධිපති සී ජින් පින්ග් මහතා තෙවන වරටද එරට ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිත ය.
තෙවන වරටත් තම බලය පක්ෂය තුළ තහවුරුකර ගැනීමත් සමත් වු චීන ජනාධිපති සී ජින්පින්ග් වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.
සී ජින්පින්ග් මහතා යළිත් වරක් නායකත්වයට පත්වීමෙන් ජාත්‍යන්තරය තුළ චීනයේ ස්ථාවරය නැවතත් ශක්තිමත් කරනු ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
චිනය විසින් දියත් කර තිබූ එක් මාවතක් එක් තීරයක් වැඩ පිළිවෙළ මෙරට සංවර්ධන න්‍යාය පත්‍රය පොහොසත් කිරීමට ඉවහල් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කරයි.
එසේම ජනාධිපති සී ජින්පින්ග් මහතාගේ නායකත්වයෙන් යුතු චීනය සමග ශක්තිමත් සහයෝගයක් පවත්වාගෙන යාම ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් දෙරට අතර ද්වීපාර්ශ්වික සබදතා ශක්තිමත් කිරීම සදහා එක්ව කටයුතු කිරීමට සූදානම් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ .