දනුෂ්ක දෙවන ඇප අයැදුම
ඉදිරිපත් කරයි.
සලකාබැලීම දෙසැම්බර් 08 වන දා.
පසුගිය නොවැම්බර් 07 වන දා සිදු කරන ලද පළමු ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසුව, ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක වෙනුවෙන් දෙවන ඇප ඉල්ලීම අද දිනයේ දී සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඇප ලබා දීම පිළිබදව සලකා බැලීම දෙසැම්බර් මාසයේ 08 වන දා විභාගයට ගැනීමට නියමිත ය.
මේ අතර ඕස්ටේ්‍රලියානු ඩේලි මේල් උපුටා දක්වමින් දනුෂ්කට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබදව නවතම තත්ත්වය මෙරට මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
උසාවි වාර්තාවන්ට අනුව දනුෂ්ක විසින් අදාල තරුණියගේ ගෙල තෙවතාවක් හිරකර ඇයට මුඛ සංසර්ගයට බලකර තිබේ.
එමෙන්ම තරුණියගේ අවසරයකින් තොර ඔහු උපත්පාලන කොපුවද ඉවත්කර ඇති බව පැවසේ.