“දමිළ ජාතික රැදවියන් දෙදෙනෙකුදණ ගස්වා, හිසට පිස්තෝලය තබා මරණ තර්ජනය කිරීම.” ඇමති ලොහාන්ට ඇප.

0
102

“දමිළ ජාතික රැදවියන් දෙදෙනෙකු
දණ ගස්වා, හිසට පිස්තෝලය තබා
මරණ තර්ජනය කිරීම.”
ඇමති ලොහාන්ට ඇප.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාව සිටිය දී, අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී, එහි සිටි ද්‍රවිඩ ජාතික සිරකරුවන් දෙදෙනෙකු, ඔවුන් රදවා සිටි සිරමැදිරියෙන් එළියට ගෙන, බිම දණ ගස්වා, හිසට පිස්තෝලය තබා මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ලොහාන් රත්වත්තේ (වත්මන් වැවිලිකර්මාන්ත රාජ්‍ය ඇමති,) ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දිනයේ දී නියෝග කලේ ය.

රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මෙම මුදා හැරීම සිදුකර තිබේ.

ලොහාන් රත්වත්තේට එරෙහි මෙම චෝදනාව එල්ල වූවේ, 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී ය.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව, නීතිපති උපදෙස් මත, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම නඩුව පරවා තිබුණි.

අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප හිමිවන සැකකරු, එම ඇප මුදල ගෙවා අවසන් වන තෙක් බන්ධනාගාර සිරමැදිරියක රදවා තැබිය යුතු වුවත්, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ඇප කොන්දේසි සපුරන තෙක් විවෘත අධිකරණ ශාලාවේ අසුනක වාඩි වී සිටි බව එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් පවසයි.

කෙසේ වෙතත් තමන්ට එරෙහිව එල්ල වී තිබෙන සියළු චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදි කරු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.

මෙම නඩුව, 2024 වසරේ ජනවාරි මාසයේ 04 වන දා කැදවීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × two =