දරුවන්ට කන්ඩ දෙන්ඩ විදිහක් නෑ.
දෙමව්පියෝ දරුවන් ළමා නිවාසවලට භාර දෙති..!
උතුරු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන දත්ත අනුව 2022 ජූනි මාසය වන විට උත-ුරු පලාතේ ජීවත් වන දෙමව්පියන් විසින් දරුවන් 246 දෙනෙකු ළමා නිවාස වෙත යොමු කර තිබේ.
මේ සදහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ජනතාව මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය යැයි උතුරු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් ගුරුපරන් රාජේන්ද්රන් මහතා ද මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.
කෙසේ වෙතත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සදහා මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතු අරමුදල් විධිමත්ව නොලැබෙන තත්ත්වයක් මේ වන විට උදා වී ඇති බවද ඒ මහතා පවසයි. ඊට හේතු වී ඇත්තේ රජය මුහුණ දී තිබෙන දැඩි මූල්‍ය අර්බුදයයි.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මව්වරු විදෙස්ගත වීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී ඇති බවත් මේ හේතුවෙන් ගැහැණු දරුවන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් ගුරුපරන් රාජේන්ද්රන් මහතා මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.