‘දරුවන් උද්ඝෝෂණ සදහා රැගෙන යාම
වහාම වළක්වන්න..!’
ජනපති පොලිසියට උපදෙස් දෙයි.
දරුවන් උද්ඝෝෂණ සදහා රැගෙන යාම කඩිනමින් වළක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිසියට උපදෙස් දී තිබේ.
ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස ලබා දී ඇති බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තියේ 13 වන උප වගන්තියට අනුව දරුවන් ආරක්ෂා කිරීමට රජයක ප්‍රමුඛ වගකීමක් බව ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ.
ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති අතර? මෙරට සිට ඉන්දියාවට පලා යාමට උත්සාහ කළ පිරිස් අතර සිටි දරුවන් එම දරුවන්ගේ දෙමව්පියන්ගෙන් වෙන්කර තැබීම පිළිබදව ද අවධානය යොමු කර ඇති අතර වහාම එම දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් සමග සිටීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසටද උපදෙස් දී තිබේ.