දශක දෙකකට පසු පළමු වතාවට ආනයන වියදමට වඩා අපනයන ආදායමේ වැඩි වීමක්…!

0
724

දශක දෙකකට පසු පළමු වතාවට
ආනයන වියදමට වඩා
අපනයන ආදායමේ වැඩි වීමක්…!


දශක දෙකකට පසුව, පළමු වතාවට ආනයන වියදමට වඩා අපනයන ආදායමේ වැඩි වීමක් පසුගිය ජූනිමාසයේ දී වාර්තා වී තිබේ.

ජූනි මාසයේ ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය ඇමරිකානු ඩොලර් මිලියන 22 කි. මෙය වෙළද ශේෂයේ අතිරික්තයක් වාර්තා වීම ලෙස හැදින්වෙයි.

මීට පෙර වෙළද ශේෂයේ අතිරික්තයක් වාර්තා වී ඇත්තේ 2002 වසරේ දී ය.

පසුගිය වසර හා සැසදීමේ දී මේ වසරේ ජූනි මාසයේ අපනයන ආදායම 24% කින් ඉහළ ගොස් තිබේ. ජූනි මාසයේ දී අපනයන හරහා උපයාගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1. 248 කි.

පසුගිය වසර හා සැසදීමේ දී මේ වසරේ ජූනි මාසයේ ආනයන වියදම 26% කින් පහත වැටී තිබේ.
ආනයන සදහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.226 කි.

ඒ අනුව වෙළද ශේෂයේ අතිරික්තය ඩොලර් මිලියන 22 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 3 =