දහනමයෙන් පහළ ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවට ගෙන යයි.

0
1464

දහනමයෙන් පහළ
ලෝක කුසලාන තරගාවලිය
දකුණු අප්‍රිකාවට ගෙන යයි.

ලංකාවේ පැවැත්වීමට නියමිතව පැවති, වයස අවුරුදු දහනමයෙන් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවට ගෙන යාමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය තුළ මතුව ඇති අවිනිශ්චිතභාවය මේ තීරණයට හේතුව වී තිබේ.

එමෙන්ම, මේ මොහොතේ අහමද්බාද් හී රැස්වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, පසුගිය නොවැම්බර් දහ වන දා ශ්‍රී ලංකාවට එරෙහිව පනවන ලද ක්‍රිකට් තහනම ස්ථිර කිරීමට ද කටයුතු කර ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 3 =