දහස් ගණනක් යුදෙව් තරුණයෝ හමාස් සමග සටනට ඊශ්‍රායලට එති. ඒත්, අගමැති පුතා ෆ්ලෝරිඩාවේ, විවේක සුවෙන්..! නෙතන්යාහුගේ පුතාට විරෝධය..!

0
956

දහස් ගණනක් යුදෙව් තරුණයෝ
හමාස් සමග සටනට ඊශ්‍රායලට එති.
ඒත්, අගමැති පුතා ෆ්ලෝරිඩාවේ,
විවේක සුවෙන්..!
නෙතන්යාහුගේ පුතාට විරෝධය..!

පසුගිය හත්වන දා, හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයට පසුව, හමාස් සංවිධානය සමග සටන් වැදීම සදහා, විදෙස්ගතව සිටි ඊශ්‍රායල තරුණයන් සිය දහස් ගණනින් යළි සිය මව්රට බලා පැමිණෙමින් සිටිති.

නමුත්, එසේ පැමිණෙන තරුණයන් අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පුත් නොසිටීම මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ.

විශේෂයෙන්ම, ඊශ්‍රායලය සිය ඓතිහාසික පසමිතුරාට එරෙහිව දරුණුතම යුද්ධයකට පැටලී සිටින අවස්ථාවක, ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ඔහු සිය නිවාඩුව ගත කරමින් සිටීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ.

ගාසා තීරයේ රැකවල්ලා සිටින ඊශ්‍රායල සොල්දාදුවෙකු පවසා ඇත්තේ, තමන් ඇමරිකාවේ කරමින් සිටි රැකියාව අත්හැර දමා කඩිමුඩියේ ම රට වෙනුවෙන් යළි ඊශ්‍රායලයට පැමිණි බවයි. අග්‍රාමාත්‍යවරයාගේ තරුණ පුතා කොහේ දැයි ඒ සොල්දාදුවා ප්‍රශ්න කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 11 =