දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නැයි
ජනපති රනිල්; මල්වතු අස්ගිරි
මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලයි.
75 වන නිදහස් සමරුවට සමගාමීව දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනායකහිමිවරුන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා විසින් මහනායකහිමිවරුන් වෙත ලිඛිතව ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් මහනායකහිමිවරු මෙතෙක් ගෙන නැති බවද පැවසේ.