ද්විත්ව පුරවැසියන් දස දෙනා නම්බුපිටින් ඉවත් වන්න..!

0
1911

ද්විත්ව පුරවැසියන් දස දෙනා
නම්බුපිටින් ඉවත් වන්න..!

දැනට පාර්ලිමේන්තුව ත-ුළ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් මැති ඇමතිවරු දස දෙනෙකු සිටින බව වාර්තා වී ඇති බවත් ඔවුන් සියළු දෙනා නම්බුපිටින් ඉල්ලා අස්විය යුතු බවත් චම්පික රණවක මහතා පවසයි.

වෙනත් රටක් වෙනුවෙන් අවි ගැනීමේ පොරොන්දුව දී ඇති යමෙකු වේ නම් ඔහු හෝ ඇය මේ රටේ තනතුරු දැරීමට තියා පුරවැසිභාවය සදහාවත් සුදුසු නොවන බව මන්ත්‍රීවරයා කියයි.

රටට ආයෝජන ගෙන ඒමට හෝ නව තාක්ෂණික දැනුම ගෙන ඒමට ද්විත්ව පුරවැසියන්ට අවසර දීමේ වැරැද්දක් නැති නමුත් මැති ඇමතිකම් දැරීම සදහා ද්විත්ව පුරවැසියන්ට කිසිදු අවසරයක් ලබා නොදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

පසුගිය දා සම්මත වූ විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියන්ට මැති ඇමති ධූර දැරීම නීතියෙන්ම තහනම් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + 1 =