ද්විත්ව පුරවැසි මැතිඇමතිවරු කවුද..? කතානායකගෙන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලයි.

0
660

ද්විත්ව පුරවැසි මැතිඇමතිවරු කවුද..?
කතානායකගෙන් සහ
ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්
තොරතුරු ඉල්ලයි.

පසුගියදා සම්මත කර ගන්නා ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධූර දැරීමේ අයිතිය තහනම් වෙයි.

පාර්ලිමේන්තුව තුළ මේ වන විට ද්විත්ව පුරවැසිභාවය ලබාගත් මන්ත්‍රීවරු දස දෙනෙකු පමණ සිටින බව නිල නොවන ආකාරයෙන් වාර්තා වී තිබේ.

නමුත් ඒබව තහවුරු කළ හැකි තොරතුරු කිසිවෙක-ු ළග නැත.

මේ තත්ත්වය මත ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරු කවුරුන්දැයි සොයා ගැනීමේ මෙහෙයුමක් පැෆරල් සංවිධානය විසින් ආරම්භ කර තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කරමින් කතානායකවරයාගෙන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ට අදාලව පුරවැසිභාවය හා සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට පැෆරල් සංවිධානය සූදානමින් සිටින බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන මෝර්නිං පුවත්පත වාර්තා කරයි.

ද්විත්ව පුරවැසි භාවය ලබා සිටින් මන්ත්‍රී නාම ලේඛනය ජනගත කිරීමටත් ඉන් පසුවත් ඔවුන් මන්ත්‍රී ධූරයන්ගෙන් ඉවත් නොවන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් පැෆරල් සංවිධානය සූදානමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 17 =