දැනටමත් බිල මිලියන සිය ගණනක්. තායිලන්තයේ ජීවිතය වියදම් අධිකයි. ගෝඨාභය සති දෙකකින් ලංකාවට.

0
565

දැනටමත් බිල මිලියන සිය ගණනක්.
තායිලන්තයේ ජීවිතය වියදම් අධිකයි.
ගෝඨාභය සති දෙකකින් ලංකාවට.
රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.


නෙරපූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවත් සති දෙකකින් පමණ යළි දිවයිනට පැමිණෙනු ඇතැයි රෝයිටර් පුවත් සේවය වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණීම ඉක්මන් වීමට ප්‍රධාන හේතුව තායිලන්ත ජීවිතය සදහා ගෙවීමට සිදුව ඇති අධික වියදම බව පැවසේ.

මේ වන විටත් තායිලන්තයේ ජීවත් වූ කෙටි කාලය සදහා රුපියල් මිලියන සිය ගණනක් බිලක් ගෙවීමට එකතු වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙන ආකාරයට හිටපු ජනාදිපතිවරයා වෙනුවෙන් පෞද්ගලික ජෙට් යානයක් වෙන්කර තිබෙන අතර නවාතැන් පහසුකම් සහ විසිහතර පැයේ ආරක්ෂාව වෙනුවෙන් මෙසේ අති දැවැන්ත මුදලක් වැය කිරීමට සිදුව තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ මෙම වියදම් දරනු ලබන්නේ ඔහුගේ පවුලේ ඥාතීන් සහ හිතවතුන් බවද රොයිටර් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × four =