දිනක ප්‍රමාද ගාස්තුව ඩොලර් ලක්ෂ එක හමාරක්. දැනට දින 31ක් බොරතෙල් නැව මහ මුහුදේ..! නැව ආපසු හරවා යවන්ඩත් බෑ..!

0
115

දිනක ප්‍රමාද ගාස්තුව ඩොලර් ලක්ෂ එක හමාරක්.
දැනට දින 31ක් බොරතෙල් නැව මහ මුහුදේ..!
නැව ආපසු හරවා යවන්ඩත් බෑ..!


මෙට්රික් ටොන් අනූ නම දහසක් රැගත් බොරතෙල් නෞකාවක් ගෙවීම් වියවීමට නොහැකිව අදට දින තිස් එකක් ලංකා මුහුදේ රැදී සිටින බව වාර්තා වේ.

මේ වන විට නැව මුහුදේ නැවතී සිටින කාලය දින 31 කි.

එක් දිනක් සදහා ගෙවිය යුතු ප්‍රමාද ගාස්තුව ඩොලර් එක් ලක්ෂ පනස් දහසකි.

බොරතෙල් තොගය ගොඩ බෑම ප්‍රමාද වීම හේතුවෙන් මේ වන විට ඩොලර් මිලියන 4 ක ප්‍රමාද ගාස්තුවක් එකතු වී ඇති බව ඛණිජ තෙල් වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා උපුටා දක්වමින් සන්ඩේ මෝර්නිං පුවත්පත වාර්තා කරයි.

ඛණිජතෙල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් සන්ඩේ මෝර්නිං පුවත්පත මේ පිළිබදව විමසා ඇතත් ගෙවිය යුතු ප්‍රමාද ගාස්තුව නිශ්චිතව ලේකම්වරයා විසිනා හෙළි කර නැත. ඒ නමුත් දැවැන්ත ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට ඇති බව ඔහුද පිළිගෙන තිබේ.

නැව ආපසු හරවා යැවීමේ හැකියාව පිළිබදව පුවත්පත විමසූ විට ලේකම්වරයා පවසා ඇත්තේ එයද කළ නොහැකි දෙයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − 3 =