‘දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක්..!අපරාධකරුවන් අත්අඩංගුවට ගනු..!’ අධිකරණය නියෝග කරයි.

0
2376

‘දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය
ඝාතනයක්..!
අපරාධකරුවන් අත්අඩංගුවට ගනු..!’
අධිකරණය නියෝග කරයි.

සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දිනේශ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බව කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර ජයසේකර මහත්මිය නිවේදනය කර තිබේ.

දිනේශ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක්ද, ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් මතුව ආ ගැටළු සහගත තත්ත්වයට පසුව, ඒ පිළිබදව විමර්ශන සිදු කිරීම සදහා මහේස්ත්‍රාත්වරිය පස් දෙනෙකුගෙන් යුතු විශේෂඥ කමිටුවක් පත්කර තිබුණු අතර, ඊයේ දිනයේ දී එම පංච පුද්ගල විශේෂඥ කමිටුව, ඔවුන්ගේ අදහස මුද්‍රා තැබූ ලියවිල්ලක් ලෙස මහේස්ත්‍රාත්වරියට ලබා දී තිබේ.

එම ලියවිල්ල පරිශීලනය කිරීමෙන් පසුව, මහේස්ත්‍රාත්වරිය අද අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ, දිනේශ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බව එකී විශේෂඥ කමිටුව විශ්වාස කරන බවයි.

මරණය සිදුකර ඇත්තේ ගෙල ප්‍රදේශයට සහ මුහුණට යොදන ලද පීඩනයකින් බව එකී වාර්තාවේ වැඩිදුරටත් සදහන්වන බව පැවසේ.

ඒ අනුව, මේ පිළිබදව වැඩි දුර විමර්ශන සිදුකර, අපරාධ කරුවන් අත් අඩංගුවට ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + one =