දිනේශ් ෂාෆ්ටර් ඝාතනය; ඔහුගේ වාහනය පිටුපසින් ගිය වාහන මොනවාද..?

0
3099

දිනේශ් ෂාෆ්ටර් ඝාතනය;
ඔහුගේ වාහනය පිටුපසින් ගිය
වාහන මොනවාද..?

ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේශ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ෂණ පිළිබදව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර සිටියි.

ඩේලි මිරර් වාර්තාව පහත සදහන් කරුණු වාර්තා කර තිබෙන අතර අපි පහත එම කරුණු උපුටා දක්වමු.

බිරිඳ, සමීප ඥාතීන් ඇතුළුව 30 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර තිබේ.


බොහෝ දෙනෙකු මෙම ඝාතනය හෝ ඝාතන ප්‍රයත්නය වෙනත් ස්ථානයක සිදුකර පසුව බොරැල්ල කෙනත්තට ගෙනැවිත්දමා ඇති බවට සැක කළද, දිනේශ් ෂාෆ්ටර් මහතා ඔහුගේ මල් පාරේ නිවසින් පිටත්ව කෙලින්ම බොරැල්ල කනත්තට ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි.


ඒ අතර කාලයේ ඔහු එක් තැනක පමණක් වාහනය නවතා තිබේ. ඒ පේස්ටි්‍ර ෂොප් එකක් වැනි තැනකයි.

නිවසේ සිට බොරැල්ල කනත්ත දක්වා ඔහු ගිය වාහනය පිටුපසින් ගිය වාහන පිළිබදවත් විමර්ෂණ සිදුකරයි.

දිනේශ් ශාෆ්ටර් විසින් බ්‍රයන් තෝමස් වෙත කෙටි පණිවිඩයක් යවා ඇත්තේ ඔහු අපරාධ කරුවන්ගේ ග්‍රහණයට හසුව සිටියදී බවට සැක කරයි.

මෙම ඝාතනය හදිසි කෝපය මත සිදුකළ එකක් නොව හොදින් සැලසුම් කර සිදුකරන ලද එකක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 10 =