දිනේශ් ෂාෆ්ටර් ඝාතනය;
බිරිද සාක්ෂි දීමට පැමිණෙයි.
මාධ්‍යවේදීන්ට අධිකරණය තහනම්.
ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ආවරණය කිරීමට අද දිනයේ දී මාධ්‍යවේදීන්ට අවසර ලබා දී නැති බව වාර්තා වේ.
ඒ දිනේශ් ෂාෆ්ටර් මහතාගේ ඥාතීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි.
දිනේශ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අද දිනයේදී ඒ මහතා ගේ බිරිද සහ ඔහු යටතේ වැඩකළ සේවකයෙකු සාක්ෂි ලබා දී තිබුණු අතර වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණ ලබන 10 වනදාට කල් තබා තිබේ.