දින විසි තුනකට
ගාසා තීරයේ මරාදමා තිබෙන
දරුවන් ගණන 3,195 ක්.
2019 සිට මේ දක්වා
ලොවපුරා යුද ගැටුම්වලින් මියගිය දරුවන් සංඛ්‍යාවට වඩා
එම සංඛ්‍යාව වැඩියි..!
පසුගිය හත්වනදා සිට මේ දක්වා අතර කාලය තුළ, පලස්තීන ඊශ්‍රායල් යුද ගැටුම හේතුවෙන් දරුවන් 3257 දෙනෙකු මියගොස් ඇති බව සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසයි.
ඉන් දරුවන් 3,195 දෙනෙකු මියගොස් ඇත්තේ ගාසා තීරයේ දී ය.
තවත් දරුවන් 33 දෙනෙකු බටහිර ඉවුරට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති අතර, හමාස් සංවිධානය විසින් කරන ලද ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල දරුවන් 29 දෙනෙකු මියගොස් ඇති බව සේව්ද චිල්ඩ්රන් පවසයි.
2019 වසරේ සිට මේ දක්වා, ලොව පුරා විවිධ ගැටුම් හේතුවෙන් මිය ගොස් තිබෙන දරුවන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි දරුවන් පිරිසක් මේ දින විසි තුනක කාලය තුළ ගාසා තීරයේ දී මියගොස් ඇතැයි එම සංවිධානය වැඩිදුරටත් සදහන් කරයි.