දින විසි දෙකට
පලස්තීන ජාතිකයන්
8,005 ක් මිය යති.
මෙය නපුරු හීනයක්..!
ගාසා තීරයට වහා සටන් විරාමයක් ලබා දෙන්න.
එක්සත් ජාතීන්ගේ මහලේකම්.
පසුගිය ඔක්තෝබර් මාසයේ හත්වන දා සිට අද මේ මොහොත දක්වා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 8,005 දෙනෙකු මියගොස් ඇති බව, පලස්තීන සෞඛ්‍ය අංශ උපුටා දක්වමින්, අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
මේ අතර, ගාසා තීරයේ තත්ත්වය මහා ඛේදවාචකයක් බවට පත්ව තිබෙන බව යළිත් අවධාරණය කරන එක්සත් ජාතීන්ගේ මහලේකම්, අන්තෝනියෝ ගුටාරෙස්, නැවත, ගාසා තීරය සදහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටියි.
ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ පිහිටි රෝහල අත්හැර යන ලෙස සිදු කර තිබෙන නිවේදනය, ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි ලෙස හෙලා දැක තිබේ.
රෝහල තුළ අළුත උපන් දරුවන් සහ නොමේරූ ළදරුවන් ඇතුළුව තවත් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් සිටින බැවින්, රෝහල් පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස කර තිබෙන නිවේදනය පිළිබදව යළි සලකා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන ටෙඩ්රෝස් අදානම් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියි.
ජාත්‍යන්තර මානූෂීය නීතීන්ට අනුකූලව, සෞඛ්‍ය පහසුකම් සපයන ස්ථාන ආරක්ෂා කිරීමට සියල්ලෝ බැදී සිටින බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.