දින හයක දී
බෝම්බ හය දහසක්
ගාසා තීරයට හෙළූ බව ඊශ්‍රායලය කියයි.
ඒ බෝම්බ අතර
ඉතාම බිහිසුණු තහනම් අවියක් වන
වයිට් පොස්පසරස් බෝම්බද තිබෙන බව
හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.
ගෙවුණු දින හයක කාලය තුළ හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමිනප් බෝම්බ හය දහසක් ගාසා තීරයට හෙළූ බව ඊශ්‍රායලය පවසයි.
මෙම බෝම්බවල බර මෙට්රික් ටොන් හාර දහස ඉක්මවා යයි.
කෙසේ වෙතක්, හියුමන් රයිට් වොච් සංවිධානය පවසන්නේ, ඊශ්‍රායලය, ඉතාම බිහිසුණු අවියක් වන වයිට් පොස්පරස් බෝම්බ ද ගාසා තීරයට හෙලා ඇති බවට සාක්ෂි ඇති බවයි.
ජාත්‍යන්තර යුද නීතියට අනුව, ජනාකීර්ණ ප්‍රදේශ වෙත වයිට් පොස්පරස් බෝම්බ හෙලීම තහනම් ය.
වයිට් පොස්පරස් බෝම්බයට ගොදුරුවන පුද්ගලයන් බිහිසුණු ලෙස පිළිස්සීමට ලක් වෙයි.