දිලිත්ගේ අළුත් පක්ෂයට ගෝඨාගේ සහාය..?

0
360

දිලිත්ගේ අළුත් පක්ෂයට
ගෝඨාගේ සහාය..?

මව්බිම ජනතා පක්ෂය යන නමින්, දිලිත් ජයවීර මහතා විසින් ගොඩනගන ලද නව දේශපාලන පක්ෂයට සහාය දැක්වීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව, ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.

පක්ෂය මේ වන විට නව සාමාජිකයන් බදවා ගැනීම අරඹා තිබේ. එහිදී, විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන් පක්ෂය හා සම්බන්ධ කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබෙන බව ද පුවත්පත වාර්තා කරයි.

මහජන අරගලය මධ්‍යයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය අත්හැර පලා යාමෙන් පසුව, ඔහුගේ බිදුණු ප්‍රතිරූපය ගොඩ නැගීමේ ව්‍යාපෘතියක දිලිත් ජයවීර නිරතව සිටින බව, ඩේලි මිරර් පුවත්පත 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්තා කර තිබුණි.

ඒ අනුව, ගම සමග පිළිසදර සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය සෑම ගමකම ජනතාව මුණ ගැසීම සදහා ඔවුන් ගොස් තිබෙන අතර, ගෝඨාභය සම්බන්ධයෙන් ඔවුන් තුළ තිබෙන අදහස සමීක්ෂණය කර තිබේ.

ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අසාරථකත්වය, ඔහුගේ ප්‍රශ්නයක් නොව, ඔහුගේ පවුලේ සාමාජිකයක්, ඔහුට රට පාලනය කරගෙන යාමට ඉඩ ලබා නොදීමේ ප්‍රතිඵලයක් යැයි ජනතාව සිතන බව ඔවුන්ගේ මතයයි.

මව්බිම ජනතා පක්ෂයේ ඉදිරිපෙළ නායකයෙකුවන හේමකුමාර නානායක්කාර මහතාද, පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 17 =