දිලිත්ලා එකතු වී ගෝඨාභය
අගමැති කිරීමට උත්සාහ කරනවා.
මහින්ද පතිරණ චෝදනා කරයි.
නුදුරේදීම යළි මවුබිමට පැමිණීමට නියමිත නෙරපූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් අගමැති ධූරය සදහා පත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව පසුගිය දින කිහිපයේ විවිධ පාර්ශ්ව විසින් හෙළි කර සිටි අතර එම කතාවේ යම් සත්‍යතාවයක් තිබෙන බව පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතාද තහවුරු කර තිබේ.
ඔහු සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ගෝඨාභය අගමැති කිරීමට දිලිත්ලා උත්සාහ කරමින් සිටින බවට ඉගි කරයි.
කෙසේ වෙතත් ඔහු පවසන ආකාරයට දිලිත්ලා මේ උත්සාහ කරන්නේ ගෝඨාභයට ලණුවක් දීමටයි. ජනාධිපති ධූරයේ සිටිනතාක් කල් ඔවුන්ට අයත් මාධ්‍ය හරහා ගෝඨාභය විවේචනය කළ දිලිත්ලා දැන් අගමැති සිහිනයක් හදා දී ගෝඨාභයට ලණුවක් දීමට උත්සාහ කරන බව ඔහු පවසා තිබේ.