දිවුලපිටියේ පොහොට්ටු මැරයන් තමන්ට පහර දුන් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

0
95

දිවුලපිටියේ පොහොට්ටු මැරයන්
තමන්ට පහර දුන් බව
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය
පවසයි.


විදුලිබිල අඩු කරන ලෙස ඉල්ලා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් දිවුලපිටියේ පවත්වන ලද විරෝධතාවයකට පොහොට්ටුවේ මැරයන් පහරදුන් බව එම සංගමය චෝදනා කරයි.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් අදාල විරෝධතාවය පවත්වා ඇත්තේ දිවුලපිටිය ගොඩිගමුව ප්‍රදේශයේ දී ය.

පහර දීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙක-ුද සිට ඇති බවද එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.

පහර දීමෙන් තුවාල ලැබූ එක් අයෙකු දිවුලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

පහර දීම සිදුවන අවස්ථාවේ පොලිසිය එම ස්ථානයේ සිට ඇති නමුත් පහරදීම වැලැක්විම සදහා පොලිසිය මැදිහත් නොවුණු බවටද චෝදනා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − sixteen =