‘දිස්ත්‍රික්ක හතක
තැපැල් ඡන්ද පත්‍රිකා
මුද්රණය කර අවසන්..!’
මුද්රණාලාධිපතිනිය කියයි.
දිස්ත්‍රික්ක හතකට අදාල තැපැල් ඡන්ද පත්‍රිකා මුද්රණය කර අවසන් බව රජයේ මුද්රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසයි.
භාණ්ඩාගාරය පලාත් පාලන මැතිවරණයට අදාල මුද්රණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන හාරසියයක් දී ඇති අතර මේ වන විටත් රජයේ මුද්රණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන හත්සියයක වියදමක් දරා ඇති බවද ඇය පවසා තිබේ.
මූල්‍ය අර්බුදය විසදා ගැනීම සදහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසම තමන්ට දැනුම් දී ඇති බව ද මුද්රණාලාධිපතිනිය පවසයි.