දීර්ඝ කාලීන ණය පහසුකමක් යටතේ
ලංකාවට ඉන්ධන ලබා දිය හැකිදැයි
රුසියාව සලකා බලයි…!
දීර්ඝ කාලීන ණය පහසුකමක් යටතේ ලංකාවට ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීමට රුසියානු රජය තීරණය කර තිබේ.
ඊට අදාල මූලික සාකච්ඡාවක් පසුගිය සදුදා දිනයේ දී පැවති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මෙම සාකච්ඡාව සදහා රුසියානු මුදල් අමාත්‍යවරයා සහභාගී තිබේ.
රුසියාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරිය වන මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය ලංකාව නියෝජනය කරමින් එම සාකච්ඡා සදහා සහභාගී වී තිබේ.