දුමින්දට සහ ජූඩ්ට
ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනු කළ
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට
ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි.
රෝයල් පාර්ක් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඩුවම ලබා සිටි ජූඩ් ශර්මන්තට සහ භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඩුවම ලබා සිටි දුමින්ද සිල්වා යන අයට ලබා දී තිබෙන ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබේ.