දුම්රිය මගීන් දෙදෙනෙක්
දුම්රියෙන් වැටී මිය යයි.
තවත් මගියෙක් තුවාල ලබා
රෝහල් ගතකරයි…!
ඇමති සොව පළ කරයි.
මගීන් තවමත් වහලේ යයි.
දුමිරිය රියැදුරන් දියත් කර තිබෙන දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන්, දුම්රිය ධාවනය සීමා වී ඇති අතර, පැමිණෙන ඕනෑම දුම්රියක කෙසේ හෝ යෑමට උත්සාහ කිරීම නිසා, දුම්රිය මගීන් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලා ගනිමින් සිටිති.
මගීන්ගෙන් පිරුණු දුම්රිය දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ දිනයේ දී ඇද වැටී මියගිය වාර්තා විය.
එක් අයෙකු දහ අට වියැති තරුණයෙකි. ඔහු කටුබැද්ද කාර්මික විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.
නුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු දුම්රියට එම තරුණයා රාගමෙන් ගොඩ වී තිබුණු අතර, දුම්රිය මැදිරිතුළ ඉඩ නොතිබුණු බැවින් ඔහු ගමන් කර ඇත්තේ දුම්රිය වහලය මතයි.
ඊට අමතරව, වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතරදී තවත් පුද්ගලයෙක් දුම්රියෙන් වැටී මියගොස් තිබේ.
තවත් පුද්ගලයෙක්, ගම්පහ, බුළුගහගොඩදී දුම්රියෙන් ඇද වැටී ඇති අතර, ඔහු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන පැවසේ.
සදුදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියැදුරන් ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද දිනය වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.