දුම්රිය වැඩවර්ජනය අවසන්..!
සාකච්ඡා සාර්ථක බව
දුම්රිය රියැදුරෝ කියති.
දුම්රිය රියැදුරන්, පසුගිය එකොළොස්වන දා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට අවසන් කර තිබෙන බව වාර්තා වේ.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකට පසුව, දුම්රිය රියැදුරෝ, ඔවුන් දියත් කර තිබුණු වැඩ වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ.
දුම්රිය රියැදුරන්ගේ ඉල්ලීම් සදහා සති දෙකක් ඇතුළත විසදුම් ලබා දීමට අදාල බලධාරීන් පොරොන්දු වූ බව වෘත්තීය සමිති පවසයි.
මේ අතර, දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති බැවින්, වැඩ වර්ජනයට සම්බන්ධ වී සිටින දුම්රිය රියැදුරන් වහා සේවයට වාර්තා කළ යුතු බව පවසමින් අමාත්‍යංශය මගින් නියෝගයක් නිකුත් කර තිබෙන අතර, වහා සේවයට වාර්තා නොකරන්නේ නම් සේවය හැරගියා සේ සැලකීමට සිදුවන බව දැනුම් දී තිබුණි.