දුමින්දට ජනාධිපති සමාව ලබා දීමට එරෙහි නඩුව;
ගෝඨාභය වගඋත්තරකරුවකු කරන ලෙස
පැමිණිල්ලේ නීතීඥයෝ ඉල්ලති.
දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව නීත්‍යනුකූල නොවන බවට පවසමන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලෙස පැමිණිලි පාර්ශ්වයේ නීතීඥයන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් රටේ ජනාධිපතිවරයා නොවන බැවින් ඔහු වගඋත්තතරකරුවකු ලෙස නම් කරන ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඉල්ලා තිබේ.
එම ඉල්ලිම සලකා බැලූ ද්වී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම නොවැම්බර් මස 24 වන දා විභාගයට ගැනීමට දින නියම කර තිබේ.
දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව නීත්‍යනුකූල නොවන බව ප්‍රකාශ කරන ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇගේ මව සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වූ ගසාලි හුසේන් යන අය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.
ඒ අනුව දුමින්ද සිල්වා වහා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස මැයි මාසයේ 31 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.