දුමින්ද නාගමුව සී.අයි.ඩීයට එයි.
නමුත් ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කරයි.
මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ පැමිණිල්ලකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්, අද පෙරවරුවේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි.
ඒ, ජනතා විමුක්ති පෙරමුණ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමග එක්ව, විදෙස් රටක මුදල් ආයෝජනය කර තිබෙන බවට ඔහු විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා ය.
කෙසේ වෙතත්, එකී ප්‍රකාශය පදනම් කර ගනිමින්, මේ වන විට අධිකරණමය ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බැවින්, තමන්ට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කිසිවක් පැවසිය නොහැකි බව දුමින්ද නාගමුව පවසා තිබේ.
ඒ අනුව, අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වීමෙන් පසුව දුමින්ද නාගමුව මහතා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට නියමිත බව වාර්තා වේ.