දූෂණ විරෝධී පනත් කෙටුම්පතට පැසසුම්..! නමුත් ගැටළු දෙකක් ද තිබෙන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් පවසයි.

0
149

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට පැසසුම්..!
නමුත් ගැටළු දෙකක් ද තිබෙන බව
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් පවසයි.

රජය ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී පනත් කෙටුමපත සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය සිය ප්‍රසාදය පළ කර තිබේ.

ඒ නමුත්, පනත් කෙටුම්පත තුළ බරපතල ගැටළු සහගත තැන් දෙකක් තිබෙන බවද එම ආයතනය පවසයි.

අගය කළ යුතු කරුණු අතරට, නව පනත් කෙටුම්පත තුළ, “ලිංගික අල්ලස,” අල්ලස් ලබා දීමක් ලෙස විශේෂයෙන් හදුනා ගැනීම සදහන් කර තිබේ. එමෙන්ම පෞද්ගලික අංශය තුළ සහ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සිදුවන දූෂණය ද මෙම පනත් කෙටුම්පත මගින් ආවරණය කර තිබේ.

එමෙන්ම, වැරදි සදහා පනවන දඩ මුදල ද නව පනත් කෙටුම්පත මගින් සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබේ. මෙයද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයේ පැසසුමකට ලක්ව තිබේ.

වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ද නව පනත පැවති තත්ත්වයට වඩා ඉදිරියට ගොන් ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් පවසයි. විශේෂයෙන්ම, නව පනත හරහා, ජනාධිපතිවරයාද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.

කෙසේ වෙතත් පනත් කෙටුම්පත තුළ තිබෙන ප්‍රධාන ගැටළු දෙකක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හදුනා ගනී.

ඉන් එකක් වන්නේ නව පනත් කෙටුම්පත හරහා තොරතුරු දැන ගැනීමේ අයිතියට සීමාවක් පැනවී තිබීමයි.

දෙවන ගැටළුව වන්නේ, ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරන්නන්ට එරෙහිව කටයුතු කිරීම සදහා ගෙන තිබෙන පියවරයි. ඒ මගින් දූෂණ වංචා හෙළි දරව් කරන්නන් අධෛර්යමත් කිරීමට කටයුතු කර තිබෙන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනය පවසයි.

මේ සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සිංහල වාර්තාව මෙම දිගුව ඔස්සේ ලබා ගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 12 =