දූෂණ විරෝධී පනත සම්මත කිරීමට බාධා..!
“කපුටාගේ වැඩක්..!”
විපක්ෂය චෝදනා කරයි..!
අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද දූෂණ විරෝධී පනත අද පාර්ලිමේන්තුව ත-ුළ සම්මත කර ගැනීමට නියමිතව තිබුණත්, අද දිනයේ දී පනත සම්මත කර ගැනීම මග හැරීමට ආණ්ඩුව කටයුතු කරන බව පෙනී ගියේ ය.
සභානායක සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියේ පනත සම්මත කිරීම එළැඹෙන 19 වන දාට කල්දමන බවයි.
ඊට විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
දූෂණ විරෝධී පනත සම්මත වීම, කපුටා විසින් කඩාකප්පල් කිරීමට උත්සාහ කරමින් සිටින බවට විපක්ෂය චෝදනා කලේ ය.
සභානායක සුසිල් ප්‍රේමජයන්ත එම චෝදනාව තරයේ ප්‍රකාශ කලේ ය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ඇති වූ සංවාදයේ දී අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ, පනත අද දිනයේ සම්මත කර නොගන්නේ ඇයිදැයි තමන් නොදන්නා බවයි.
ඒ අනුව, දූෂණ විරෝධී පනත අද දිනයේ සම්මත කර ගැනීමට අධිකරණ අමාත්‍යවරයාට අවශ්‍ය බව පෙනී ගියේ ය.