දූෂිතයි; අන්තයටම දූෂිතයි..! ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රේගුවේ සහ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ රෙදි ගලවයි…!

0
2167

දූෂිතයි; අන්තයටම දූෂිතයි..!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
රේගුවේ සහ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ
රෙදි ගලවයි…!


රාජ්‍ය ආදායම එකතු කරන ප්‍රධාන ආයතන දෙක වන රේගුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

මෙම ආයතන දෙකම ඉතාම දූෂිත ආයතන දෙකක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිගමනයයි.

ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අරමුදල් නිකුත් කර තිබෙන “දූෂණයට අදාල රෝග විනිශ්චය” [corruption diagnostic report] නම් වාර්තාව තුළ මේ බව සදහන් ය.

“ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම එකතු කරන ආයතන (පරිපාලනය) තුළ දූෂණය පැතිරී ඇති බව දක්නට ලැබෙන අතර, ඒ සම්බන්ධයෙන් කිසිදු වගවීමක් ඔවුන්ට නොමැත.”

“ශ්‍රී ලංකාවේ ආදායම් රැස් කරන දෙපාර්තමේන්තු (දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව ) තුළ කිසිදු ආකාරයක දූෂණ විරෝධී සංස්කෘතියක් නොපවතින අතර, ඉහළ සිට පහළට සෑම තරාතිරකම, දූෂණය ඉහවහා ගොස් තිබේ.”

“මෙම ආයතන තුළ පුද්ගලයන් උසස් වීම් ලබන්නේ, සුදුසුකම, දක්ෂතාව හෝ ඔවුන් පෙන්වන නායකත්ව ලක්ෂණ මත නොව, ජ්‍යේෂ්ඨත්වය මතයි.”

“ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන ගත් විට එක් ආයතනයක, කාර්ය මණ්ඩලය දෙදහසක් පමණ සිටිති. නමුත් දූෂිත බදු නිළධාරීන්ට එරෙහිව එකදු නඩුවක් හෝ පවරා ඇති බවක් එම ආයතන දෙකෙන් ම වාර්තා නොවේ.”

“රේගු දෙපාර්තමේන්තුව 2021 වසරේ නිකුත් කර තිබෙන වාර්තාවකට අනුව, විනය කැඩූ නිළධාරීන් 11 දෙනෙකු සම්බන්ධව විමර්ශන සිදුකරමින් පවතින අතර, මේ දක්වා එකී විමර්ශන අවසන් කොට නැත.”

“රජයේ ආදායම් එකතු කරනු ලබන ආයතන දූෂණයට ගොදුරු වීමේ අවදානමක් තිබෙන බව ලෝකයම පිළි ගන්නා නමුත්, ලෝකයේ අනෙක් බොහෝ රටවල්, ඒ හේතුව නිසාම, එම ආයතන තුළ සිදුවන දූෂණ වැලැක්වීම සදහා අවශ්‍ය පියවර ගෙන තිබේ. නමුත් ලංකාව තුළ, දූෂණය වැලැක්වීමට අදාලව කිසිදු පියවරක් මෙතෙක් ගෙන නැත”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 4 =